top of page
Gradient

සමථ මණ්ඩලයෙන් ලබාගත හැකි සේවාවන්

පහත ආකාරයෙන් සමථ මූල මණ්ඩලය වෙත යොමු වන ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කිරීමට උත්සාහ කිරීම

  • ආරවුල්කරුවෙකු පෞද්ගලිකව යොමුකරන ආරවුල්

  • අධිකරණයෙන් යොමුකරන ආරවුල්

  • පොලීසියෙන් යොමුකරන ආරවුල්

Picture6.jpg
Picture1.jpg
Picture2.jpg
Picture3.jpg
Picture5.jpg

මෙම ආරවුල් පාර්ශවකරුවන්ගේ කැමැත්ත මත පත්වන සමථකරුවන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඉදිරියේ සාකච්ඡාවට ගනු ලබන අතර

  • දෙපාර්ශවයේ එකඟතාවය මත සමථයකට පත් වුවහොත් නිරවුල් කිරීමේ වාර්තාවක්/සහතිකයක් ද

  • සමථයකට පත් නොවුවහොත් නිරවුල් නොකිරීමේ වාර්තාවක්/සහතිකයක් ද නිකුත් කරනු ලබයි.

  • අදාළ වන පරිදි ඒවායේ පිටපත් අධිකරණයට/පොලීසියට යොමු කරනු ලබයි.

අධිකරණයෙන් යොමු කරන ආරවුලකට අදාළව   නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කර එහි පිටපතක් එම අධිකරණයට යොමු කළ විට අධිකරණය විසින් එම  නඩුව නැවත කැඳවා එම නිරවුල් කිරීම තීන්දු ප්‍රකාශයක් බවට පත් කරනු ලබයි.

සමථ මූල මණ්ඩලයට පෞද්ගලිකව ආරවුලක් යොමු කිරීම

සමථ මණ්ඩලයට පෞද්ගලිකව ආරවුලක් යොමු කිරීම පහත තොරතුරු සහිත ලිපියකින් හෝ ආකෘති පත‍්‍රයකින් කළ හැකිය

  •  ආරවුල්කරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය

  •  අනෙක් පාර්ශවයන්ගේ නම් සහ ලිපිනයන්

  •  ආරවුල පිළිබඳ කෙටි විස්තරයක්

 

ලිපිය අවසානයේ හෝ අදාළ ආකෘති පත‍්‍රයේ  රු.5/-ක මුද්දරයක් අලවා ඒ මත අත්සන යොදා අවලංගු කර තිබිය යුතුය

මෙය තැපැල් මගින් සමථ මූල මණ්ඩල සභාපතිවරයා වෙත යොමු කිරිම හෝ සමථ මණ්ඩල රැස්විම් පැවැත්වෙන ස්ථානයට ගෙන ගොස් භාරදීම සිදු කළ හැකියි.

අධිකරණයේ නඩු පැවරීමට පෙර අනිවාර්යයෙන් සමථ මූල මණ්ඩලයට යොමු කළ යුතු ආරවුල් සහ වැරදි

පහත දැක්වෙන ආරවුල් සඳහා සමථ මණ්ඩලයෙන් නිකුත් කරන නිරවුල් නොකිරීමේ සහතිකයක් නොමැතිව අධිකරණයේ නඩු පැවරිය නොහැක.

  • රුපියල්  ලක්ෂ 5ට නොවැඩි චංචල/නිශ්චල දේපළ ණය හා අලාභ ඉල්ලීම් සම්බන්ධ ආරවුල්           

  • සමථ මණ්ඩල පනතේ  දෙවන උපලේඛනයේ ඇති වැරදි

  • බාලවයස්කරුවෙකු කරන රුපියල් 5000/-ට වඩා අඩු සොරකම් (ගව සොරකම හැර)

  • සමථ මණ්ඩල පනතේ තුන්වන උපලේඛනයේ සඳහන් නොවන  ඕනැම නඩු නිමිත්තක් සම්බන්ධ ආරවුලක්

ඉහත දක්වා ඇති අනිවාර්යයෙන් සමථ මූල මණ්ඩලයට යොමු කළ යුතු ආරවුල් සහ වැරදි අධිකරණ හා පොලීසිය  විසින් සමථ මූල මණ්ඩලයට යොමු කරනු ලබන අතර පර්ශවකරුවෙක් විසින් වුව ද යොමු කල හැක 

පහත ආකාරයේ ආරවුල් සමථ මූල මණ්ඩලයකට භාරගත නොහැක

  • එක් පාර්ශවයක් ”රජය” වන ආරවුල්

  • ආරවුල යම් මුදලක්, දේපළක් හෝ වෙනත් අයවිය යුතු යමක් අයකර ගැනීමේ ආරවුලක් වන විට එහි එක් පාර්ශවයක් ”රජයේ නිලධාරියෙකුගේ තත්වයෙන් ක‍්‍රියා කරන රජයේ නිලධාරියෙක් ”  වන ආරවුල්

  • නීතිපතිවරයා විසින් නඩු පවරන වැරදි

  • සමථ මණ්ඩල පනතේ දෙවන උපලේඛනයේ සඳහන් නොවන වැරදි

  • සමථ මණ්ඩල පනතේ තුන්වන උපලේඛනයේ ඇති නඩු නිමිත්තක් සම්බන්ධ ආරවුල්

Anchor 1

0714399928

©2021 by Mediation - Badulla. Proudly created with Wix.com

bottom of page